Friday 25 July 2014

ආර්යා - 01-1


ආර්යා ගේ මැහුම නැවත වතාවක් අවුල් ජාලයක් විය.

ඒ ‍දෙස වරක් රවා බැලූ ඇය සිය සොයුරිය සන්සා අනිකුත් ගැහැණු ළමයින් සමග වාඩි වී ඉන්නා දෙස බැලුවා ය. සන්සා ගේ මැහුම උත්කෘෂ්ට එකක් විය. හැමදෙනාම ඒ ගැන ඈට පැසසූහ. "සන්සාගෙ වැඩ එයා වාගෙම ලස්සනයි." සෙප්ටා මෝර්ඩේන් වරක් ඇගේ මවට පැවසුවා ය. "එයාට තියෙන්නෙ හොඳ සියුමැලි අත් දෙකක්." කැට්ලින් ආර්යාව ආර්යා ගැන විමසූ විට සෙප්ටා කීවේ මෙපමනකි. "ආර්යාට තියෙන්නෙ කම්මල්කාරයෙක්ගෙ අත් දෙකක්."

ආර්යා හෙමින් සැරේ කාමරය හරහා බැලුවේ ඇගේ සිතුවිලි සෙප්ටාට ඇසුනාදැයි යන සැකයෙනි. එනමුදු අද දවසේ සෙප්ටාට ඇය ගැන නිනවුවක් වත් නැති සේය. ඇය මර්සෙලා කුමරිය සමග වාඩි වී සිටියේ සිනහ පිරි මුහුණින් හා අගයකිරීම පිරි දෑසින් යුතුව ය. මැහුම් ගෙතුම් වැඩ ගැන රාජකීය කුමරියකට උපදෙස් දීමට සෙප්ටාට හැමදාම ඉඩ ලැබෙන්නේ නැත. මර්සෙලා ගේ මැහුම ද මඳක් අවුල් වී ඇතැයි ආර්යා සිතුවත් සෙප්ටා එය වර්ණනා කල අන්දමට එවැන්නක් සිතා ගැනීමට වත් නොහැක.

ඇය සිය මැහුම දෙස නැවතත් බැලුවේ කුමක් හෝ දෙයක් කර එය ගොඩ දා ගැනීමට හැකිවෙතැයි යන බලාපොරොත්තුවෙනි. එනමුදු සුසුමක් හෙලා එය පසෙකින් තැබූ ඇය දුර්මුඛ මුහුණින් සිය සොයුරිය දෙස බැලුවා ය. සන්සා ගෙත්තම් කරන අතරේම බුහුටි ලෙස දෙඩුවා ය. සෙර් රඩ්‍රික් ගේ පුංචි කෙල්ල බෙත් කසල් ඇගේ දෙපා අසලින් වාඩි වී ඇය කියන සෑම දේකටම ඇහුම්කණ් දෙමින් සිටි අතර ජේන් පූල් සන්සා ගේ කණට ලංව ඇයට රහසක් කොඳුරමින් සිටියා ය.

"ඔයාලා මොනා ගැනද ඔය කතා කරන්නෙ?" ආර්යා හදිසියේම ඇසුවා ය.

ගැස්සී ඇය දෙස බැලූ ජේන් කැකිරි පලන්නට වූවා ය. සන්සා ලැජ්ජා සහගත බැල්මක් හෙලූ අතර බෙත් ගේ මුහුණ රතු විය. එනමුදු කිසිවෙකු පිළිතුරක් නොදුන්හ.

"මටත් කියන්ට." ආර්යා නැවත ඇසීය.

ජේන් හිස හරවා බැලුවේ සෙප්ටා මෝර්ඩේන් ඔවුන් ගේ කතාවට ඇහුම්කණ් නොදෙන බව සැක හැර ගැනීමට ය.

"අපි කතා කර කර හිටියෙ කුමාරයා ගැන." සන්සා ඇගේ මෘදු ස්වරයෙන් කීවා ය.

ඒ මොන කුමාරයාදැයි ආර්යා සැනෙන් වටහා ගත්තා ය. ජොෆ්රි, අනිවාර්යයෙන්ම. උස් කඩවසම් කෙනා. භෝජන සංග්‍රහය අතරතුරේ දී සන්සා ඔහු අසලින් වාඩි වී සිටි අතර විය යුතු පරිද්දෙන්ම ආර්යාට වාඩි වීමට සිදු වූයේ පුංචි මහත ටමෙන් සමග ය.

"ජොෆ්රි ඔයාගෙ අක්කට කැමැතියි." ජේන් ආඩම්බරයෙන් මිමිනුවේ හරියට ඈ ඒ සම්බන්ධයෙන් යම් වැදගත් කාර්යභාරයක් ඉටු කලා ලෙසිනි. ජේන් වින්ටර්ෆෙල්හි නිවාස බාරකරු ගේ දියණිය වූ අතර සන්සා ගේ හොඳම මිතුරියද වූවා ය. "එයා කිවුවා සන්සා හරි ලස්සනයි කියලා."

"එයා සන්සාව බඳින්ටයි යන්නෙ." බෙත් කීවේ සිහින ලොවක සැරිසරන්නාක් මෙනි. "එතකොට සන්සා තමා මේ රාජධානියෙ රැජිණ වෙන්නෙ."

සන්සා ඉතා සුන්දර අන්දමින් මුහුණ රතු කර ගත්තා ය. ඇත්තෙන්ම කිවහොත් ඇය හැම දෙයක්ම ඉතා සුන්දර අයුරින් කිරීමට දැන උන්නා ය. "බෙත්, ඔයා ඔය වගේ කතා කියන්ට හොඳ නෑ." සන්සා කුඩා දැරියට කීවේ යාන්තමින් ඇගේ කෙහෙරැළි පිරිමදිමිනි. ඇය ආර්යා දෙස බැලුවා ය. "ඔයා මොකක්ද ජොෆ් කුමාරයා ගැන හිතන්නෙ නංගී? එයා හරි නිර්භීතයි, එහෙම නේද?"

"ජොන් කියන්නෙ එයා හරියට කෙල්ලෙක් වගේ කියලා." ආර්යා කීවා ය.

සන්සා සුසුමක් හෙලුවා ය. "දුප්පත් ජොන්. එයා ඊරිසියා කරනවා එයා අවජාතකයෙක් නිසා."

"එයා අපේ සහෝදරයා." ආර්යා කීවේ මඳක් උස් ස්වරයෙනි. නිහඬතාවයේ ගැලී තිබුනු කාමරය තුළ ඇ‍ගේ කටහඬ තියුණු අන්දමින් රැවු දුනි.

සෙප්ටා මෝර්ඩේන් රැවුම් මුහුණින් යුතුව හිස ඔසවා බැලුවා ය. "ඔයාලා මොකක් ගැනද කතා කරන්නෙ ළමයිනේ?"

"අපේ අර්ධ සහෝදරයා." සන්සා මෘදු ස්වරයෙන් කීවා ය. ඉන්පසු සෙප්ටා දෙසට හැරී සුන්දර සිනහවක් පෑවා ය. "ආර්යායි මායි කතා කර කර හිටියෙ කුමාරි අද අපිත් එක්ක එකතු වෙච්ච එක කොච්චර හොඳ දෙයක්ද කියලයි."

සෙප්ටා හිස වැනුවා ය. "ඇත්තෙන්ම. අපට ලොකු ගෞරවයක්. ආර්යා, ඇයි ඔයා වැඩ කරන්නෙ නැත්තෙ?" නැගී සිටි ඇය සාය හරිගස්සාගෙන කාමරය හරහා ඇවිද ආවාය. "කෝ බලන්ට මට ඔයා‍ගෙ මැහුම."

ආර්යාට යටිගිරියෙන් කෑ ගැසීමට සිතින. ඔය සන්සා ඔහොම්මයි, මොකක් හරි කරලා සෙප්ටාගෙ අවධානය හරවා ගන්නවා. "මෙන්න." ඇය සිය මැහුම දෙමින් කීවා ය.

සෙප්ටා රෙදි කැබැල්ල අධ්‍යයනය කලාය. "ආර්යා ආර්යා ආර්යා. මේක නං හරියන්නෙ නෑ. මේක නං කොහෙත්ම හරියන්නෙ නෑ."

සැමදෙනාම ඇය දෙස බැලූහ. සිය සොයුරියට වුනු අකරතැබ්බය ගැන සිනා නොවී සිටීමට තරම් සන්සා හොඳ පුරුදු ඇති කරගෙන සිටි නමුත් ඇයටත් හරියන්නට මෙන් ජේන් නියෙවුවා ය. මර්සෙලා කුමරිය පවා ඈ දෙස හෙලුවේ අනුකම්පාසහගත බැල්මකි. සිය දෑසේ කඳුළු පුරාගෙන එනු ආර්යාට දැනින. පුටුවෙන් නැගී සිටි ඇය ඊයක් මෙන් දොර දෙසට දිව ගියා ය.

සෙප්ටා මෝර්ඩේන් ඇය පසුපසින් කෑ ගෑවාය. "ආර්යා වහාම ආපහු එන්ට. තව එක අඩියක්වත් තියන්ට එපා. ඔයාගෙ අම්මට මේ ඔක්කොම දැනගන්ට ලැබෙයි. අපේ රාජ කුමාරිය ඉස්සරහ ඔයා අපි හැමෝවම ලැජ්ජාවට පත් කරනවා."

දොරකඩ නැවතුනු ආර්යා තොල විකාගෙන ආපසු හැරුනා ය. මේ වනවිට ඇගේ කම්මුල් දිගේ කඳුළු වැල් ගලායමින් තිබින. ඇය යාන්තමින් හිස නමා මර්සෙලා කුමරියට ආචාර කිරීමට සමත් වූවා ය. "පිටව යන්ට ඔබේ අවසරය මගේ ආර්යාවෙනි."

ඇසිපිය ගැසූ මර්සෙලා උපදෙසක් පතා ඇගේ පරිවාර කාන්තාවන් දෙස බැලී ය. "ඔයා හිතන්නෙ ඔයා ඔය කොහෙ යනවා කියලද ආර්යා?" සෙප්ටා කෑ ගැසුවා ය.

ආර්යා ඇය දෙස රවා බැලුවා ය. "මට අශ්වයෙකුට ලාඩමක් ගහන්ට තියෙනවා." ඇය මිහිරි ස්වරයෙන් කීවේ ලද පිළිතුර නිසා සෙප්ටා ගේ මුහුණේ ඇඳුනු කම්පන‍යෙන් කුරිරු සතුටක් ලබමිනි. ආපසු හැරුනු ඇය සිය දෙපයට හැකි උපරිම වීරියෙන් පඩිපෙළ පහළට දිවුවා ය.

එය කොහෙත්ම සාධාරණ නැත. සන්සාට හැමදෙයක්ම හිමිව තිබින. සන්සා වසර දෙකක් වැඩිමහලු වූ අතර සමහරවිට ආර්යා ඉප‍දෙන කල වන විට ඈට දෙන්නට කිසිම දෙයක් ඉතිරි වී නොතිබෙන්නට ඇත. සන්සාට ලස්සනට මහන්නට, නටන්නට, ගී ගයන්නට හැක. ඇය කවිද ලියයි. ඇය ලස්සනට අඳින්නට පළඳින්නට ද දනී. ඇයට වීනාව වයන්නට ද හැක. මේ හැමටම වඩා ඇය රූමත් ය. සන්සාට ඔවුන් ගේ මවට මෙන් උස් දෙකම්මුල් හා ටලීවරුන් සතු රතු දුඹුරු කෙ‍හෙරැළි හිමිව තිබින. අනිත් අතට ආර්යා සිය පියා ගේ විලාසය පෑ ය. ඇයට තිබුනේ කිසිදු ප්‍රභාවක් නැති දුඹුරු පැහැ කෙස් කළඹක් හා දිගැටි මුහුණකි. ජේන් ඇයට 'අශ්ව මුහුණක් ඇති ආර්යා' කියා කියූ අතර ඇය අසලකට එන සැමවිටම හේශාරවය කරන්නට පුරුදුව සිටියා ය. එය ඇයට වඩාත් රිදුම් දුන්නේ සිය සොයුරියට වඩා හොඳින් ඇයට කල හැකි වූ එකම දෙය අසුන් පිට යාම පමණක් වූ බැවිනි. එය සහ නිවසක් පාලනය කිරීම. සන්සාට කවදාවත් ගනන් මිනුම් ගැන තේරුම් ගන්නට තරම් මොළයක් නොතිබුනු අතර ඇය ජොෆ් කුමරා හා විවාහ වන්නේ නම් ඔහු සතුව හොඳ නිවාස බාරකරුවෙකු සිටීම මැනවැයි ආර්යා කල්පනා කලා ය.

පඩිපෙළ පාමුල මුරකුටියට වී නයිමේරියා ඇය එනතෙක් බලා සිටියා ය. ආර්යා දුටු සැනින් ඇය නැගිට සිටි අතර ආර්යා සතුටින් සිනාසුනා ය. වෘක පැටවා ඇයට සැබැවින්ම ආදරය කලා ය. ඔවුන් දෙදෙනා යන යන සෑම තැනකම එකටම සිටි අතර නයිමේරියා නිදාගත්තේ ඇගේ කාමර‍යේ ඇ‍ගේ ඇඳ පාමුල ය. ඇගේ මව විසින් තහනම් නොකරන්නට ආර්යා ඇයව මැහුම් කාමරයටත් රැගෙන යනවා නිසැක ය. එසේනම් සෙප්ටා මෝර්ඩේන් ඇගේ මැහුම් වැඩ ගැන කෙතරම් පැමිණිලි කලත් ඇයට කම් නැත.

ආර්යා ඇයව බැඳ තිබුනු බැම්ම ලිහද්දී නයිමේරියා ඇගේ අත ලෙව කෑවා ය. ඇයට කහ පැහැ දෑසක් තිබුනු අතර හිරු එළියේ දී ඒවා රන්කාසි දෙකක් මෙන් බැබලිනි. ආර්යා ඇයට නම තබා තිබුනේ මුහුදින් මෙතෙරට සිය ජනතාව මෙහෙයවූ රණකාමී රයිනාර් රැජිණ අනුව ය. විය යුතු පරිද්දෙන්ම සන්සා ඇගේ පැටවාට නම් තබා තිබුනේ 'ලේඩි' කියා ය.  සිනහවක් පෑ ආර්යා වෘක පැටවා තදින් බදාගත් අතර ඌ ඇගේ කණ ‍ලෙව කෑවා ය.

මේ වනවිට සෙප්ටා මෝර්ඩේන් නිසැකවම සිය මව වෙත පණිවුඩය යවා ඇති අතර ඇය සිය කාමරයට ගියහොත් ඔවුන් ඇයව සොයා ගනු ඇත. එනිසා ඇය ඊට වඩා හොඳ උපායක් ගැන කල්පනා කලා ය. පිරිමි ළමයින් සෙණ්ඩුවාලු‍වේ සරඹ පුරුදු වෙමින් සිටි අතර රොබ් විසින් අර නිර්භීත ජොෆ් කුමරා බිම හෙලනු දැකීමට ඇයට උවමනා විය. "එන්ට." වෘක පැටවාට කොඳුල ඇය නැගිට එළියට දිව ගියා ය.


Arya Stark: “I hate needlework! It’s not fair!”
Jon Snow: “Nothing is fair.”

86 comments:

  1. අද මම ෆස්ට් ලු ඔන්න . :D

    ReplyDelete
    Replies
    1. තෑගි නම් නෑලු ඔන්න. :D

      Delete
    2. උදේ පාන්දර ආවෙත් අපරාදේ.

      Delete
    3. සඳුදට ටිකක් දවල් වෙලා එන්ට. :P

      Delete
  2. පොඩි බකුසු ගතියක් තිබුනට පින්තූරෙ නම් horse-faced වගේ නෑ නේ?
    ගෝඩාකුමාරට කියල ඔයිට වඩා ගැලපෙන එකක් ඇඳල දාන්න පුලුවන් වෙයි.
    මේක පොතේ පරිවර්තනයක් නිසා ඇක්ට්‍රස් විදිහටම යන්න ඕන නෑ නේ.

    ReplyDelete
    Replies
    1. මේ ටික කොහොමද ?

      http://www.deviantart.com/?qh=&section=&global=1&q=arya+

      දිස් ඉස වට් අයි කෝල් රියල් ආර්ට්.

      Delete
    2. http://djedjehuti.deviantart.com/art/Lilo-as-Arya-Stark-435056209

      :-D

      Delete
    3. පව් අප්පා. මම මේ එයාගේ චරිතෙට ගැලපෙන්නේ රෝසි බස්සි කියලා කියන්ට හැදුවා විතරයි.

      Delete
    4. අර සෙර් බස්තියන් ඉඳල හිටල රෝස වෙනව නේ ප්‍රොෆයිල් එකේ. වැඩිය කිව්වොත් රෝස්ට්වෙන්න අහගන්න වෙයි

      Delete
    5. හා, ඇයි බකුසු උනාම මොකද? ඇයි අවුල්ද? මම නං මූකලං අවුල්.
      ඔය අස්පයො. කොරවක්කො, කොට්ටෝරු මූණු වලට වඩා බකුසු ලුක් එකේ ගතියක් තියනවා.

      ඒක ඇරිච්චාවෙකො. මහත්වරුනි, ඇක්ටිව් ලින් දාන්නෙ මෙන්න මෙහෙමයි:

      <a href="http://www.deviantart.com/?qh=&section=&global=1&q=arya+ ">දිස් ඉස වට් අයි කෝල් රියල් ආර්ට්</a>

      එතකොට ඒක මෙන්න මෙහෙම පේනවා:

      දිස් ඉස වට් අයි කෝල් රියල් ආර්ට්
      ආයි නොකීව්වයි කියන්න එපා, ලින්ක් අමුවෙන් දාලා තිබුනොත් බොලාව ගෙනිහින්
      අතාරිනවා තාප්පෙ උඩ ඉඳලා බිමටම - අනික් එවුන්ට අරන් යන්න :). හුටා, සමාවෙන්ට, අරන් "යන්ට" :)

      Delete
    6. චෑ, කොඩ් එකේ ෆෝමැටි අප්සෙට් ගැහැව්වා. කොකාට පස්සෙ එන a එකයි , href එකයි අතර එක ස්පේස් එකක් ඇති, මෙන්න මෙහෙම:

      a href

      Delete
    7. බස්සා මොකක් හරි සුපිරි බ්‍රෑන්ඩ් එකක් අද නම් බීලා තියෙන්නේ ... (හොරෙන් කියපං කාටවත් ඇහෙන්නේ නැති වෙන්"ට") ,

      Delete
    8. @ ඉවාන්

      බුදු සන්තෝ.තාම බිව්වෙ නැ‍තෝ:)
      අදත් වැඩට යන්නෝනෙ.

      අම්මපා මේකෙ කට් & පේස්ට් කරන්න බැරි නිසා විඳින දුකක්. ඒකමයි අර බානට තර්ජනාගුලිය ගිල්ලෙව්වෙ :)

      Delete
    9. තරහ අවසර සේර් බස්තියන්,

      අපි ඉතින් ඔය බොඩි ෆ්ලුයිඩ් එකක් ඇනලයිස් කරගන, ඇටකටුවක් දිය කරගන ඉන්න අහිංසක කොලුවෝ නේ බොලං .
      thanx a lot for the info. there will be no more අමු ලින්ක්ස්, දිස් අයි ස්වෙයාර්.

      Delete
    10. ඔන්න ලින්ක් එක දාන්නමලු ඇන්දේ ඈ
      :D
      කැන් යූ සී ද හෝර්ස් ෆේස්

      onna original ekath danawa, habai eka wagema nam na . :D
      lets call it artistic licence. shall we :D
      දිස් ඉස් ද ඔරිජිනල්

      Delete
    11. ඔය තියෙන්නෙ එළකිරි වගෙ. අල වගේද ගෝවා? :)

      අර තාප්පෙ උඩින් අත්තරින කතාව නිකමට කිව්වට, එහෙමත් කරනවද , මේ වගෙ දස්ස සිත්තරෙක්ට? ආන්න අර අලුත් පක්සියා අහු වුනා නං , සලකා බැලුවෑකි :)

      හැබැයි මටත් හිතෙන්නෙ ප්‍රාජේ කියපු දේ. වැඩිය හොඳයි, TV චරිත වලට නැඹුරු නොවී කතාවෙ විස්තරේ අනුව හිතට එන විදිහට අඳින එක.

      Delete
    12. I guess I should make myself a nice little scary alias,

      so here goes. :D
      U'll need the cage to lift me anyway.

      drawing from imagination is hard work, and so time consuming.

      Delete
    13. මාත් මෙ අර අලුත් පක්සියාව තමා හොයන්නෙ. මේ දවස්සොල වැඩිය පේන්ට නෑ නොවැ. ;-)

      Delete
    14. ඔය වයර්වුඩ් ගස් මණ්ඩියෙ බැලුව නං.. වටේටම කොට, කොට ඇති :)

      Delete
  3. මේ කොටසේ තියනවා අර, කාන්තා පාර්ශ්වයේ චින්තන ස්වභාවය, අපූරුවට විස්තර කරලා.

    'ආසයි බයයි',

    'ඇත්තටම කැමතියි, පෙන්නන්නේ අකමැතියි වගේ',

    'හිත ඇතුලේ එකක් තියාගෙන කියන්නේ වෙන එකක්'

    පොඩ්ඩිත් ඔහොමද දන්නෙ නෑ. :D

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කැමත්‍තක් කරගන්ට - " කරොත් බලාගමු "

      අනේ මන්දා - " හා "

      Delete
    2. පොඩ්ඩි නම් ඔහොම නෑ. කෙලින්ම අහනවා 'ඔයා මට ආදරේද? ' කියලා. 'ආදරේ නෑ' කීවොත් ඉතින් බලාගමු. :P

      Delete
  4. පව් නේ පොඩි කෙල්ල.?
    මම නම් කුමාරයෙක් නෙමේ එත් ආර්යා කැමති නම්.......:)

    ReplyDelete
    Replies
    1. " මං රාජකුමාරයෙක් නෙමේ ගමේ … සොරි කොළඹ කොල්ලෙක් " :D

      Delete
    2. මනෝජ් දකින දකින කෙල්ලට පව් කියනවනේ. මේ පාර නම් ඔය ඇත්තටමද? :D

      Delete
    3. ඩැනි පව්,ආර්යාත් පව් ඉතින් මටත් දුකයි....:)
      ඇත්තමයි.:D

      Delete
  5. ආර්යා කුමාරයන්ට කොහොමත් කැමති නැල්ලු .

    ReplyDelete
    Replies
    1. හෙහේ,එහෙනම් චෑන්ස් එකක් තියේ නේ මට ගොඩකුමාර..D?

      Delete
    2. ආයෙත් අහල.
      but be careful, she is wild. and Valar Morghulis.

      Delete
    3. ඒකට මක් වෙනවාද?මම හදලා ගන්නම්කො...:D

      Delete
    4. @Manoj
      too late.. she already likes someone :P

      Delete
    5. එහෙමත් එකක්ද?බලන්නකෝ මටමනේ මෙහෙම වෙන්නේ...:(

      Delete
    6. Dont give up
      Try for sansa and you may get arya :D

      Delete
    7. හෙහේ,එහෙමත් අත්හරිනවාද ගොඩාකුමාර නංගි මොකෝ අක්කා මොකෝ..:D

      Delete
  6. කතාව නම් හරිම සාරවත්ව ගලාගෙන යනවා . එක කොටසක් කියල ඉවරවෙනකොට දුකයි. ඊළඟ කොටස බලනතුරු ඉවසුමක් නැහැ. පුංචි ආර්යාගේ දඟ වැඩවලට මට නම් හරි ආස හිතෙනවා.
    මට නම් ඒ පින්තූරේන් ආර්යා හරි දඟ බ්ඩ්ඩක් කියල හොඳටම පේනවා.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට බලන්ටකෝ පිරිමින්ට පේන ඒවා...හී හී...

      Delete
  7. ඇත්තටම කතාවේ ඉන්න පිස්සුම චරිතය, කොහොමත් මේ කතාවේ පුංචි පුංචි චරිත ලොකු වැඩක් කරනවානේ

    ReplyDelete
    Replies
    1. මම නම් ආදරේම චරිතයක්!!! :)

      Delete
  8. අද පොඩ්ඩක් පරක්කු උනා. ආර්යා මගෙත් favorite character එකක්. දන්නවද වැඩක්. මහේලගෙ දුවට නම දාල තියෙන්නෙ Sansa Araya කියල(ලු). fans ල උනාම කරන්න හිතෙන දේවල් :P

    ReplyDelete
    Replies
    1. මාත් දැක්කා ඕක කව්ද දාල තියෙනවා. හැබැයි ඔය කිව්වට සන්සා ආර්යා ද නැත්නම් සංසාර්යා ද දන්නේ නෑ

      Delete
    2. ආර්යා නම් හොඳයි. සන්සා ආර්යා නම් අනේ මන්දා. 'සංසාර්යා' කියලත් නම් තියෙනවද?

      Delete
    3. කව්ද දන්නේ පොකු දැන් කට්ටිය දාන නම් වල හැටියට...
      ඕව මොනාද, අපේ ඉස්කෝලේ අක්කෙක් හිටියා එයාගේ නම 'දම්මිල්ලවාහිනී' ! True story :D

      Delete
    4. හීහීහීහී...ඒ මොකක්ද අනේ...මම දැක්කේ 'දමිලවාහිනී' කියලා.

      Delete
    5. සන්සා අරායා කියලද දන්නෙ නෑ කියවන්නෙ. නීරෝගෙ ඉස්කෝලෙ අක්කගෙ නම තමා වැඩේ :D ළමයි පව් නේද එහෙම නම් දැම්මම.

      Delete
    6. මිනිස් පා සඳ දිනුදා.

      මේ නමක්. අම්මප ඇත්ත.

      Delete
    7. niRo,

      මම මේ කල්පනා කලේ කවුද බොලේ ඔයාලැයි ඉස්කෝලෙ හිටපු අපි නොදන්න 'දම්මිල්ලවාහිනී' අක්කා කියලා.! ;-)

      Delete
    8. මිනිස් පා සඳ දිනූ දා ගේ වයස දැන් අවුරුදු හතලිස් පහක් වෙනවා නේද?

      Delete
  9. මොකක් හරි හේතුවක් නිසා අද කතාව වෙනදට වඩා ලස්සනයි ...පටන් අරන් තියෙන විදිය එහෙම හරි ශෝක්

    ඔය මහන එකට වෙන එකක් ආදේශ කරා නම් ආර්යාට උණු ටික මං පොඩි කාලෙත් ඔහොම්ම වෙලා තියෙනවා කියල කියන්න පුළුවන් වගේ ! :D

    ReplyDelete
    Replies
    1. මෙයත් ආර්යා වගේ කෙනෙක්ද දන්නේ නෑනේ... :D

      Delete
    2. @nIRo

      what do you pray for ... :P

      Delete
  10. ආර්යා තමයි මම කැමතිම චරිතෙ, ටිරියන් වගේම

    ReplyDelete
  11. එඩාර්ඩ් යද්දී මෙයාව අරන් යනවා කිව්වද? තියලා යනවා කිව්වද?

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්ට බෑ ... ඔයා බලාගෙන ඉන්ට...:D

      Delete
    2. Eddard said last week that he'll take Arya to KL .. :D

      Delete
    3. රිකන් තාම පුංචි බබෙක්. එයා මෙහෙ හිටපුවාවෙ ඔයයි රොබුයි එක්ක. අනිත් ළමයි මං අරන් යනවා."
      catlyn 2-2 amen

      Delete
  12. ආ මහන්න ,නටන්න ,සින්දු කියන්න , වීනා වයන්න පුළුවන් ගෑනු ළමයෙක්.....???? මරුනේ .... (Y)

    ReplyDelete
    Replies

    1. ඔය කියන්නේ ආර්යා ගැනද? සන්සා ගැනද? :D

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මඟුලයි පෙරහැරයි … !!! ඕ යේස්.

      Delete
    4. මොකද ඉවාන් ක‍මෙන්ට්ස් මකන්නෙ? ආයෙමත් කවුරුහරි මොනාහරි කිවුවද? :-)

      Delete
    5. මම හිතන්නේ පත්තරේ උත්තරේ දීලා හන්දා වෙන්ට ඇති. දුප්පත් පත්තරේ...:(

      Delete
  13. අන්න ළමයි..

    අද එන්ට හවෂ් උනා...

    ReplyDelete
    Replies
    1. අවෂ් වෙලා අරි ආව එක ලොකු දෙයක් නෙ. :-)

      Delete
    2. එයා හවෂ් උනා මම සෑ උනා..

      Delete
  14. මේක කියවන් යද්දී ඔළුවට ආව දේ තමයි ඒ කාලේ ගෑල්ලමයින්ට තමන්ට කැමති දේ කරන්නත් කොච්චර අවසර ගන්න ඕනද කියලා.. නම්බුවයි අරකයි මේකයි ඔක්කොම හිතද්දී කාලේ ගිහින්...

    ReplyDelete
    Replies
    1. පේනවනේ...අපි කොච්චර අමාරුවෙන්ද මේ තැනට ඇවිත් තියෙන්නේ...:D

      Delete
  15. ආර්යාගෙ දඟ වැඩවලට ආස හිතෙනවා. lovely character..:)

    ReplyDelete
    Replies
    1. එයා දඟ විතරක් නෙවෙයි. හරි දක්ෂ එඩිතර දරු‍වෙක්‍. :-)

      Delete
  16. ආර්ය කියන්නෙ පිස්සු බුලට් එකක් නෙව බලං ගියාම.

    හැක් හැක්

    ReplyDelete
    Replies
    1. පිස්සුවෙත් හොඳම එක. :-)

      Delete
  17. ටීවී සීරිස්‌ එක ඉවර වුන ගමන පිස්සුව වැඩි කමට මුල් පොත් ටිකත් හොයාගෙන කියවන්න ගත්තා. පලවෙනි පොත කියවලා ඉවරයි. ඒත් මේ බ්ලොග් එකත් බලන්න අමතක කරන්නේ නෑ.
    ගොඩක් හොඳ වැඩක්. මේ ටික ඉවර වුනාම පරිවර්තන පොතක් විදිහටම එලියට දාමු නේද..?
    ජය..!!

    ReplyDelete
    Replies
    1. බලලා මේ විදියට අදහස් දෙන එකත් කොච්චර ලොකු දයක්ද? අන්තිමට ඒක කරන්ට පුලුවන්ද කියලා බලමු...:)

      Delete
  18. හොට් හොට් නිවුස්. පස්වෙනි සීසන් එකේ අලුත් අය මෙන්න.

    new cast for season 5

    cant say i approve. hoping for much hotter sand snakes, this is pathetic.

    ReplyDelete
  19. And no Arianne...
    I dont want to live in this world anymore..

    ReplyDelete
  20. ඔබ නම් සැබෑ කතා කාරියක්... ඒ හැකියාවට අපේ ප්‍රණාමය...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි. ඒත් එය කතාකාරියෙක්/කතාකාරයෙක් ලෙස නිවැරදි විය යුතුයි. :)

      Delete
  21. මම ඉන්නේ ගොඩාක් පිටිපස්සෙන්. තාම කියවගෙන එනවා. ඔබේ බොහෝ මහන්සියට මගේ ආචාරය!!

    ReplyDelete
  22. එන්න පරක්කු උනා ඈ,මොකද මම දවස් දෙකක් ගෙදර හිටියෙ නෑනෙ.ආපු ගමන් බලපුවම ඇරියස් මහා ගොඩයි එකින් එක කියවමින් යන ගමන්.

    ReplyDelete
  23. මං වරප්‍රසාද නොලද අය මගෙ ගොඩට එකතු කරමින් යනවා.. ආර්යත් ජොන් එක්ක එතන..

    ReplyDelete