Thursday, 19 June 2014

ප්‍රස්තාවනාව - 02


"මේ මිනිස්සු මැරෙන්ට ඇත්තෙ මොකක් නිසා කියලද උඹ හිතන්නෙ ගැරඩ්?" රොයිස් ඇසීය.

"ඒ හීතල හන්දා වෙන්ට ඕන." ගැරඩ් පිළිතුරු දුන්නේ දැඩි විශ්වාසයකිනි. "මං දැකලා තියෙනවා මිනිස්සු හීතලෙන් ගල් වෙලා මැරෙන හැටි පහුගිය සීත කාලෙදි. ඊට කලින් තිබ්බ සීත කාලෙත්, එතකොට මං පුංචි එකෙක්. හැමකෙනාම කතා කරන්නෙ අඩි හතලිහක් උස හිම ගොඩවල් ගැන, උතුරෙන් හමා ගෙන එන හිම කුණාටු ගැන. ඒ වුනාට හීතල තමා නියම හතුරා. මුලින්ම අපි වෙවුලනවා, දත් කිටි කිටි ගානවා. අපි අඩි එකට හප්ප හප්පා කල්පනා කරනවා උණු වයිනුයි ගිනි ගොඩවලුයි ගැන. ඊට පස්සෙ දැනෙනවා නිකං දැවෙනවා වගේ. හීතල තරං වෙන කිසිම දේකින් එහෙම දැවෙන්නෙ නෑ. ඒත් ඒ ටික වෙලාවකට විතරයි. ඊට පස්සෙ හීතල ටිකෙන් ටික අපේ ඇඟ ඇතුලට රිංග ගන්නවා. ටික වෙලාවකින් අපේ ඇඟට ඒකත් එක්ක සටන් කරන්ට තරං ශක්තියක් නැතුව යනවා. සටන් කරනවාට වඩා ලේසියි එතනම ඉඳගෙන නින්දට යන එක. මිනිස්සු කියන්නෙ අන්තිම වෙද්දි අපට කිසිම වේදනාවක් දැනෙන්නෙ නෑ කියලයි. ඉස්සෙල්ලාම අපි දුර්වල වෙනවා, නිකං මත්වෙනවා වගේ වෙනවා, හැමදේම බොඳ වෙලා යන්ට පටන් ගන්නවා. හරියට අපි උණුසුම් කිරි මුහුදක කිමිදෙනවා වගෙයි. හරිම ශාන්තයි."

"උඹ කතාවට හරිම සූරයෙක් නෙ ගැරඩ්." සෙර් වේමාර් පැවසීය. "මං දැනගෙන හිටියෙ නෑ උඹට එච්චර හැකියාවක් තියෙනවා කියලා."

"හීතල හන්දා මාත් දුක් විඳලා තියෙනවා උතුමානෙනි." ගැරඩ් හිස වසා සිටි සළුව ඉවත් කලේ කලක් තම දෙකණ් පිහිටි තැන්වල දැන් තිබෙන ඉතිරිව හිස් කුහර දෙක සෙර් වේමාර්ට හොඳින් පෙනෙනු පිනිසය. "කණ් දෙකයි, කකුලේ ඇඟිලි තුනයි, වම් අතේ සුලැඟිල්ලයි. මං මේ තරමින් බේරුනා. අපි මගේ සහෝදරයව හොයාගන්නකොට මිනිහා හිටියෙ රෑ මුරකාවලේදීම හීතලෙන් දරදඬු වෙලා, මූනෙ හිනාවකුත් එක්ක."

සෙර් වේමාර් දෙවුර ඇකිළුවේය. "උඹ මීට වඩා උණුසුමට ඇඳුම් අඳින්ට ඕන ගැරඩ්."

ගැරඩ් වංශාධිපතියා දෙස රවා බැලූ අතර ඔහුගේ කණ් කුහර දෙක වටා වූ තුවාල කැළැල් කේන්තියෙන් රතු වී ගියේය. "සීත කාලෙ ආවහම ඔබට කොච්චර උණුහුමට ඇඳුම් අඳින්ට පුළුවන්ද කියලා අපි බලමු." ඔහු නැවතත් සළුවෙන් හිස වසාගෙන කර බා ගති.

"ගැරඩ් කියනවානං ඒ හීතල හින්දා කියලා....." විල් කතාව ඇරඹීය.

"උඹ පහුගිය සතිය ඇතුළත මුරකාවල් කලාද විල්?"

"එහෙමයි, මයෙ උතුමානෙනි." මුරකාවල් දුසිමක්වත් නැති සතියක් විල්ට කවදාවත් නොතිබුනි. මේ මිනිහා මොකාටද මේ එන්ට හදන්නෙ?

"ප්‍රාකාරෙ කොහොමද තිබ්බෙ?"

"අඬනවා." අයිස් වලින් හැදුනු සුවිසල් ප්‍රාකාරය මත හිරු එළියේ උණුසුම නිසා ජලවාෂ්ප බැඳී ඇති ආකාරය ඔවුන් විග්‍රහ කලේ 'ප්‍රාකාරය අඬනවා' යන වැකිය යොදා ගනිමිනි. වංශාධිපතියා කියන්න‍ට උත්සාහ කරන්නෙ කුමක්දැයි දැන් විල්ට වැටහේ. "ඒ මිනිස්සු හීතලෙන් ගල් වෙලා වෙන්ට බෑ. ප්‍රාකාරෙ අඬනවා කියන්නෙ ඒ තරං හීතලක් තියෙන්ට විදියක් නෑ."

රොයිස් හිස වැනුවේය. "මොළේ තියෙන කොල්ලා. පහුගිය සතියෙ එහෙං මෙහෙං හිම ටිකක් වැටුනා තමයි. ඒත් වැඩුනු මිනිස්සු අට දෙනෙක් මරලා දාන්ට තරං හීතලක් ඒකෙන් ඇති වෙයි කියලා හිතන්ට බෑ. හොඳට උණුහුමට ඇඳුම් ඇඳගත්ත මිනිස්සු, ඉහට උඩින් වහලක් තියෙන මිනිස්සු, ගිනිමැලයක් අවුලවා ගන්ට පුළුවන් මිනිස්සු." නයිට්වරයා විශ්වසනීය සිනහවක් පෑවේය‍‍. "විල්, අපිව එතනට එක්කං පලයං. මට මේ මැරිච්ච මිනිස්සු මගේ දෑහින් බලාගන්ට ඕන."

ඉතින් තවත් කල හැක්කක් නොවීය. අණක් නිකුත් කර ඇති අතර ඊට අවනත වීම හැර වෙනතක් බලන්නට ඔවුන් බැඳී ඇති නීති රීති විසින් ඉඩක් නොදෙයි.

තමන්ගේ කඳුකර අශ්වයා පිට නැගුනු විල් පෙර පෙළ ගත්තේය. පෙරදා යාන්තමට වැටුනු හිම නිසා බිම ඇති කිසිදු දෙයක් - ගල්, මුල්, වල ගොඩැලි - නොපෙනේ. ගමන යා යුත්තේ බොහෝ පරෙස්සමිනි. සුවිසල් කළු පැහැ යුධ අශ්වයා පිට නැගුනු සෙර් වේමාර් රොයිස් ඒ පසුපසින් වැටිනි. මෙවැනි මුර සංචාර සඳහා මේ අශ්වයා නොගැලපෙන නමුත් ඒ ගැන නයිට්වරයාට කියා පලක් නැති බව කවුරුත් දනී‍. ගැරඩ් පසුපස්සෙන්ම පැමිණියේ තමන්ටම කටු කුටු ගාමිනි.

සැඳෑ අඳුර දැඩි වුනි. වළාකුළක්වත් නැති අහස පළමුව තද දම් පැහැයටත්, ඊට පසුව කළු පැහැයටත් හැරුනි‍. තරු එකින් එක මතු වන්නට විය. අඩ සඳක්ද නැග ආ අතර මේ ලැබුනු එළිය නිසා විල්ගේ සිතේ ඇති වූයේ සතුටකි.

"අපට මීට වඩා හයියෙන් යන්ට බැරිද?" රොයිස් ඇසීය.

"මේ අශ්වයත් එක්ක බෑ." විල් පිළිවදන් දුනි. බිය විසින් ඔහු ගරු සරු නැත්තෙකු බවට පත් කර තිබේ. "සමහරවිට මගෙ උතුමානන් කැමැති ඇති පෙර පෙළ ගන්ට?"

මෙයට පිළිතුරක් දීමට සෙර් වේමාර් රොයිස් උත්සාහයක් දැරුවේ නැත.

වනාන්තරයේ කොහේදෝ අස්සක සිට වෘකයෙක් උඩු බුරලන හඬ ඇසුනි.

ගැට සහිත පුරාණ අයන්වුඩ් ගසක් අසල නැවතුනු විල් තම අසු පිටින් බැස්සේය.

"උඹ මොකටද නැවතුනේ?" සෙර් වේමාර් ඇසීය.

"ඉතුරු ටික පයින් යන එක හොඳයි මයෙ උතුමානෙනි. ඒක අර පේන කඳුවැටියෙන් එහා."

රොයිස් මොහොතක් නැවතී සිටියේ ඈතට යොමු වුනු දෑසින් යුතුවය. මුහුණෙන් පෙනෙන්නේ ඔහු යමක් කල්පනා කරන බවකි. ගස් අතරින් සීතල සුළඟක් හමා ආ අතර නයිට්වරයාගේ සළුව සුළඟේ ලෙලදුන්නේ හරියට පණ ඇති වස්තුවක් මෙනි.

"මෙතැන මොකක්දෝ වැරැද්දක් තියෙනවා." ගැරඩ් කටු කුටු ගෑවේය.

තරුණ නයිට්වරයා ඔහු වෙත අවඥාසහගත සිනහවක් පෑවේය. "එහෙම එකක් තියෙනවද?"

"ඔබට ඒක දැනෙන්නෙ නැද්ද?" ගැරඩ් ඇසුවේය. "අන්ධකාරයට කණ් දීලා බලන්ට."

විල්ටත් කුමක්දෝ අමුතු හැඟීමක් දැනෙන්නට විය. අවුරුදු හතරක නිශා රැක්මේ ඔහු මෙතරම් බියපත් වූ වෙනත් අවස්ථාවක් නැති තරම්ය. ඔවුන්ව මෙතරම් බියපත් කරන ඒ අමුතු දේ මොකක්ද?

"හුළඟ. ගස් හෙලවෙනවා. වෘකයෙක් කෑ ගහනවා. ඔතනින් මොන සද්දෙ හින්දද උඹ මෙච්චර බය වෙලා ඉන්නෙ ගැරඩ්?" ගැරඩ්ගෙන් මීට පිළිතුරක් නොලද තැන රොයිස් තම අසු පිටින් බැස්සේය. අනිත් අසුන් දෙදෙනාගෙන් වෙන්ව ගසේ පහත අත්තක තම අශ්වයා ගැට ගැසූ ඔහු තම දිගු අසිපත කොපුවෙන් එළියට ගත්තේය. අසිපත් මිටෙහි වූ මැණික් දිදුලන්නට වූ අතර සඳ රැස් වැටීමෙන් අසිපත් තලය කාන්තිමත්ව බබලන්නට විය. පෙනුනු හැටියට නම් එය බලකොටුවක කම්මල්කරුවකු විසින් තැනූ තේජාන්විත අසිපතකි. මීට පෙර කිසිම විටෙක සටනක් සඳහා මේ අසිපත පාවිච්චී වී ඇත්දැයි විල් කල්පනා කරන්නට විය.

"මේ හරියෙ ගස් බොහොම ළඟින් ළඟින් තියෙන්නෙ." විල් අනතුරු ඇඟවීය. "කඩුව පැටලෙන්ට පුළුවන් මයෙ උතුමානෙනි. පිහියක් ගත්තොත් හොඳ නැද්ද?"

"මට උඹේ උපදෙස් ඕන වුනාම මං උඹෙන් අහන්නං." තරුණ වංශාධිපතියා පිළිතුරු දුනි. "ගැරඩ්, උඹ මෙතන ඉඳන් අශ්වයො ටික බලාගනින්."

ගැරඩ් අසු පිටින් බැස්සේය. "අපට ගින්නක් ඕන. මං ගිනි අවුළුවන්නං."

"උඹ කොච්චර ලොකු මෝඩයෙක්ද නාකියො? මේ කැලේ සතුරො ඉන්නවනං ගින්නක් තමා අපට ඕන නැතිම දේ."

"ගින්නෙන් එලවන්ට පුළුවන් සතුරොත් ඉන්නවා." ගැරඩ් පැවසීය. "වලස්සු, ඝෝරවෘකයො.... තවත් දේවල්...."

සෙර් වේමාර්ගේ දෙතොල තදින් ඇදී ගියේය. "ගිනි අවුළුවන්ට එපා."

හිස වැසූ සළුව නිසා ගැරඩ්ගේ මුහුණ පැහැදිලිව නොපෙනුනත්, නයිට්වරයා දෙස දැඩි බැල්මෙන් බලා සිටින ඔහුගේ දෑසේ ඇති දීප්තිය - කේන්තිය නිසා ඇති වූ දීප්තිය - විල් දිටීය. ඔහු මොහොතකට බිය වූයේ මහළු හේවායා තම අසිපත ඇදගනු ඇතැයි යන සිතුවිල්ලෙනි. එය කෙටි, අසෝබන, පාවිච්චිය නිසාම ගෙවී ගිය ආයුධයක් වුවත් ගැරඩ් තම අසිපත ඇදගතහොත් උතුමානන්ගේ ජීවිතය බොහොම කෙටි එකක් වනු ඇති බව විල් හොඳාකාරවම දනී.

නමුත් අන්තිමේදී ගැරඩ් බිම බලාගති. "ගිනි අවුළුවන්නෙ නෑ." ඔහු සෙමින් කෙඳිරුවේය.

එය තමාගේ තීරණය අනුමත කිරීමක් ලෙස පිලිගත් රොයිස් ආපසු හැරුනි. "පාර පෙන්නපං." ඔහු විල්ට පැවසීය.

අකුලින් ගැවසීගත් වනලැහැබ තුළින් විල් පහත් කඳුවැටිය දක්වා වූ නැග්ම තරණය කරන්නට විය. වැටුනු හිම නිසා බිම ලිස්සනසුළු මඩ සහිත වූ අතර සැඟවුනු ගස් මුල් ගල් ආදිය ඕනෑම වෙලාවක පා පැකිලවීමකට සූදානමින් බලා සිටියහ. තරණය අතරේදී විල් කිසිම ශබ්දයක් ඇති නොකල නමුදු ඔහුට පිටුපසින් උතුමානන්ගේ සන්නාහයේ මුදු දම්වැල් එකට ඇතිල්ලීමෙන් නැගෙන හඬත්, ගස් අතු පතරේ තම සළුව හා අසිපත පැටලීම නිසා කටුකුටු ගාමින් ඔහු සාප කරන හඬත් විල්ට ඇසේ.

කඳුවැටිය මුදුනේ වූ දැවැන්ත මුරකරු වෘක්ෂය පුරුදු පරිදිම එතන විය. එහි පහතම අතු වූයේ පොළොවට යාන්තම් අඩියක් උසිනි. ඊට යටින් පොළොවේ හිම හා මඩ මතින් වැතිරුනු විල් පහතින් තිබුනු හිස් භූමිය නිරීක්ෂණය කරන්නට විය.

එසැනින් ඔහුට දැනුනේ තම හදවත නතරවුනාක් මෙනි. තැතිගැන්ම කොපමනද යත් මොහොතකට ඔහුට හුස්ම ගැනීමත් අසීරු විය. සඳ එළිය නිසා පහතින් තිබුනු හිස් භූමිය බබළන්නට විය. ගිනිමැලයේ ඉතිරිවුනු අළු ගොඩ, හිමෙන් වැසුනු පියස්ස, ගල් පර්වතය, බාගෙට මිදුනු පුංචි දොළ පාර. මේ සියල්ලම මීට පැය කිහිපයකට පෙර තිබුනු පරිද්දෙන්ම ඒ ඒ තැන්වලම තිබේ.

නමුත්, ඔවුන් ගොසිනි. මලකඳන් සියල්ලම යන්ට ගොසිනි.

89 comments:

  1. පෙර කොටසට නිතරම ලින්කටුවක් දමා තියන්න බුරා...

    ReplyDelete
    Replies
    1. එහෙම හිතනවද.....
      හැක්

      Delete
    2. උපදෙසට ස්තූතියි දේශකයා! ඔන්න හැදුවා.

      Delete
    3. පසු කොටසටත් දාන්න. මොකද මේව කාලෙක එක දිගට කියවද්දි මාර ලෙහෙසියි ඒක. අපේ ජනරඟ දානව වගේ

      Delete
  2. ඔන්න ඉතින් බය හිතෙන තැනකින් නතර කරලා! :O

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔයාට අද රෑට හීනෙන් මළකඳන් පෙනෙයි.. ;-)

      Delete
    2. අප්පට සිරි හොල්මනුත් බයවෙනවද? :P

      Delete
    3. ඉවාන් : හොල්මන් පවා බයවෙන්න මේ දෙන්න සුපිරියට ලියනව. නැද්ද හා?

      Delete
  3. ම්ම් අපුරවට කතාව ගලාන යනව....
    පර්වර්තනයේ සූරයෙකු වන්න නමං භෂා හැකියාව හොදටම තිබිය යුතුයි...
    ඔබට එන නිසි ලෙසම පිහිටා තිබෙන හැඩයි...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්!

      Delete
  4. මළකඳන් කොහෙ ගිහින්ද?

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටසින් බලමු නේද ඒවා කොහෙද ගියේ කියලා..

      Delete
  5. ආදරණීය පාඨකයිනි,

    කියවන්නන් ගේ පහසුව සඳහා සතියකට කොටස් දෙකක් (සඳුදා - බ්‍රහස්පතින්දා) පමනක් පළකිරීමට කලින් තීරණය කොට තිබුනත් එය ප්‍රමාණවත් නොවන බව මගේ අදහසයි. විශේෂයෙන්ම මෙවැනි විශාල පොතක්! එමනිසා ලබන සතියේ සිට සතියකට කොටස් තුනක් (සඳුදා - බදාදා - සිකුරාදා) පළකිරීමට අපි අදහස් කරගෙන සිටින්නෙමු. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස් දක්වන මෙන් ඉල්ලා සිටිමු.

    පහත විකල්පයන්ගෙන් එකකට ඔබේ මනාපය ලබා දෙන්නේ නම් මැනවි.

    1. සතියකට කොටස් දෙකක් පළකරන අතර කොටසක දිග වැඩි කිරීම.
    2. කොටසක දිග මේ ආකාරයටම පවත්වා ගනිමින් සතියකට කොටස් තුනක් පළකිරීම.
    3. කිසිදු වෙනසක් නොකර මේ අයුරින්ම ඉදිරියට යාම.

    ReplyDelete
    Replies
    1. මගේ මනාප නොම්මර දෙකට.

      Delete
    2. දෙක හොඳා කියා හිතේ මටත්.

      Delete
    3. 1 හරි 2 හරි කැමති එකක් ඒ දෙකෙන්

      Delete
    4. උඹ කැමති විදිහක් කරපං මොන විදිහට දැම්මත් අපු කියවන්න එපැයි.

      Delete
    5. //විශේෂයෙන්ම මෙවැනි විශාල පොතක්//
      ඒ කියන්නෙ එක පොතද කරන්නෙ. අනිත් 4? ඔක්කොම කරනවනම් දවසට තුන් පාරක් කෑමට පෙර සහ පසුව පෝස්ට් දාන්නවෙයි. එහෙම කලත් සමහරවිට මුල් 5 ඉවර වෙනකොට ඉතුරු දෙකත් මාටින් ලියල තියෙයි :-D

      මන් දන්නව බුරතෙනො කියන දේ අහන්නෙ නැහැයි කියල. ඒත්, පොත් විචාරත් ලියනව නම් කැමතියි කියල අවසාන වරටත් කියල බලනව.

      BTW, All the dead bodies / corpses (I can't remember the exact sentence) were gone කියන එකට මලකදන් සියල්ලම යන්ට ගිහින් කියන එක හරිද? ඉන්ග්‍රීසියෙන් ගෝන් කියන එකනම් පිලිගත් දෙයක්, ඒත් සින්හලෙන් යන්ට කියල ලිව්වෙ අර මලවුන්ගෙන් නැගිටින සීන් එක නිසාද?

      ඒක නෙමෙයි දැන් පරිවර්තනයෙ ඔක්කොම චරිත කතාකරන්නෙ කැන්ඩියන් සින්හල ( යන්ට, එන්ට, පේන්ට ) වලින්ද? PK ? :-D

      Delete
    6. @Pra Jay,

      All five books.!? Others take u.. :-)

      එතන 'යන්ට ගොසිනි' කියන එක යොදාගත්තෙ ද්වනිතාර්ථය මතුකරන්ට යි..

      දැනට ‍සොයාගෙන ඇති අන්දමට වෙස්ටෙරෝස් වල ජනතාව කතා කර ඇත්තේ 'යන්ට/ එන්ට/ කන්ට/ ‍බොන්ට' වශයෙන් බවත්, කන්ද උඩරටට ඒ වදන් භාවිතය පැමිණ ඇත්තේ වෙස්ටෙරෝස් වල සිට බවත් තහවුරු වී ඇත.. ;-)

      Delete
    7. ඒ කියන්නෙ එක පොතක් පරිවර්තනය කරල පාඨකයන් අතරමන් කරන්නද ඉන්නෙ?

      True to form, you avoid the request for book reviews! You a politician or some such creature?

      ඔය කතාවෙ තව කැන්ඩියන් ගතියක් තියනව. කියන්න බෑ මෙතන. PK තරහවෙයි.




      Delete
    8. ඒ කොහෙද? ඒ කොහෙද? එකක් ඉවර වෙනකල් ඉන්ටකෝ ප්‍රා....:D

      Delete
    9. මගේ කැමැත්ත අංක 04 ට...

      04. කොටසක දිග මේ පමණටම තබා ගනිමින් සතියට කොටස් 5ක් පල කිරීම...
      (සතියකට දවස් හතක් ඇති අතර දෙකක් නිවාඩු ගනින්.. :D )

      Delete
    10. මේ පස්වෙනි විකල්පේ මගේ හිතේ. 4 අන්න පහල සෝන්යා දාලා. අපිට කෑම එහෙම රහට කවුරු හරි උයලා දෙනවා නම් මේ වැඩෙත් බැරි නෑලු. :D

      Delete
    11. 2 එකට මාත් මනාපයි ඔන්න..

      Delete
    12. ඒයි බං ප්‍රා. බොට බැරිය පොත් විචාරේ කරන්න.. මං කියන්නේ ඉදගෙන

      Delete
    13. දේශක,
      මේ වගෙ අනුන් අපහසුතාවයකට පත් කිරීමේ අවස්ථා එමට තිබියදී මන් ඉල්ලන් කෑමේ තේරුමක් තිබේද?

      ඒක නෙමේ ඇත්තටම බුරතීනෝ වගෙ ඇසූ පිරූ තැන් ඇති ( දේශක, DGMB, KK, Ravi, Thisara ............ ) පොත් පිස්සෙක් පොත් ගෑනම ( හැම ජාතියෙම ) බ්ලොග් එකක් පටන් ගත්තොත් ඉදල හිටල දායක වෙන්න පුලුවන්

      Delete
    14. //දැනට ‍සොයාගෙන ඇති අන්දමට වෙස්ටෙරෝස් වල ජනතාව කතා කර ඇත්තේ 'යන්ට/ එන්ට/ කන්ට/ ‍බොන්ට' වශයෙන් බවත්, කන්ද උඩරටට ඒ වදන් භාවිතය පැමිණ ඇත්තේ වෙස්ටෙරෝස් වල සිට..

      මම හිතුවේ වෙස්ටරෝස් වලට ඒක ගියේ කන්ද උඩරටින් කියලනේ!
      ඒක නෙමෙයි දැන් එතකොට බ්රාවොස් වල එහෙම කතා කරන්නේ කොහේ විදිහටයි? :D

      Delete
    15. niRO, "මක්කටැයි" ජාතියෙ එකක් හරිය?

      Delete
  6. මේක කියවන්න නෙමේ හිටියේ :)
    ඒත් කියවන්න හිතෙනව හිතෙනවා වගේ.

    Good translation mate !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිශ්!

      Delete
  7. කුතුහලය දීලා නතර කරලා.හරියට ටීවී එකේ වගේම...:)

    ReplyDelete
    Replies
    1. එතකොට තවත් රසවත් ‍වෙයි කියලා හිතුවා මනෝජ්.. :-)

      Delete
    2. එහෙනම් ඉතින් ඇඩ්වටීස්මන්ට් ටිකකුත් හොයා ගන්න වේවි :)

      Delete
    3. එහෙම ඇඩ්වටිස්මන්ට් දාන්න ගත්තොත් වැඩියෙන් ඇඩ්වටිස්මන්ට් බලලා අඩුවෙන් කතාව කියවන්න වේවිද මන්දා...:D

      Delete
  8. ඔන්න අර සිංහල කතා වල වැඩේ පටන් ගත්ත. හොඳම හරියකට ගෙනල්ල නතර කරලා දාන එක..

    ReplyDelete
    Replies
    1. හරියට අර පරණ කාලෙ චිත්‍රකතා පත්තර වල වගේ නේද? :-)

      Delete
  9. ලස්සනයි. කතාවා ඊලඟ ටික බලන්නයි ඉවසිල්ලක් නැත්තෙ.
    ...මම-දිලානි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලානි!

      Delete
    2. දිලානි ලස්සණ ප්‍රොෆයිල් එකක් හදාගෙන ඇවිත්. ගොඩක් ස්තූතියි හොඳේ. :)

      Delete
    3. ඔයා නිසායි මට ඒහෙම පුලුවන් වුනෙ.ඔයාටයි ස්තුති කරන්නෙ මම.

      Delete
  10. මට පොඩි ගැටළුවක්,දැන් කතාව පටන් ගත්ත නේද තාම ප්‍රස්තාවනාව කියල දාන්නෙ ඇයි.

    ReplyDelete
    Replies
    1. පොතේ prologue එක දිගයි හැලපේ. ඒක කොටස් තුනකට කඩන්ට වුනා..

      Delete
  11. මං හිතන්නෙ ලියලා ඉවර උනම ආයිත්ය් මුල ඉඳන් කියවන්න. මේ විදිහට රස විඳින්න බෑ නියම විදිහට..
    අහ්.. ඒ කාලෙ එයාලත් කතා කරල තියෙන්නෙ එන්ට යන්ට කන්ට බොන්ට කියලනෙ..හ්ම්ම් D: D:

    ReplyDelete
    Replies
    1. ටයන්න අයින් 'කරන්ට' මම කල්පනා කලා සරත්. ඒත් පොඩ්ඩි මෙනෙවිය කියනවා ටයන්න 'තියන්ට' කියලා.. :-)

      Delete
  12. "උඹ කතා ලියන්න හරිම සූරයෙක් නෙ බුරතීනෝ." :)

    ReplyDelete
    Replies
    1. හෑග්! මම හිතන්නෙ මේ කමෙන්ට් එක මාර්ටින් ලොක්කට දාන්ට ඕන එකක්. වැරැදිලා මට දාලා. ස්තූතියි බීට්ල්! :-)

      Delete
  13. සියල්ලනි,

    කාලය පිළිබඳ ගැටළුවක් නිසා ඔබ සැමගේ කමෙන්ට්ස්වලට පිළිතුරු දීමට මා හට නොහැකි වනු ඇත. ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටිමි! කෙසේ වුවද මා වෙනුවට කමෙන්ට්ස්වලට පිළිතුරු දීමට මගේ පෞද්ගලික ‍ලේකම්, පොඩ්ඩි මෙනෙවිය කටයුතු කරනු ඇති බවට සතුටින් දැනුම් දෙමි!

    විශේෂයි:

    Blogger සහ Google+ අතර ඇති මතභේද නිසා Followers button එක යොදාගැනීම සම්බන්යෙන් ගැටළුවක් මතු වී ඇත. එ‍තෙක් යාවත්කාලීන වීම සඳහා බ්ලොග් රෝල් හා RSS Readers භාවිත කරන මෙන් ඉල්ලා සිටිමු! සිදුවන අපහසුතා වෙනුවෙන් සමාවුව මැනවි!

    ReplyDelete
    Replies
    1. 'පෞද්ගලික ලේකම්වරිය'???? හහ්....:D

      Delete
    2. පුහ්! මේ උන්දැ ගේ රස්පක්ටබොල් කතා විලාසේ.. අපේ බුරම්පි හොඳා ප්‍රවුර්ති කියවන්ට ටෙලිවිෂන් එකේ!
      හී හී
      (විහිළු හරිද...!!! ලියන ලිවිල්ල ලස්සනයි. ටීවී එකේ මේ කෑල්ල බැලු හැටි මතක් උනා. මේ පළවෙනි එපිසෝඩ් එක නම් කම්මැලි කමෙන් බැලුවේ ඇහැට කනට පේන හාදයෙක් නොහිටි හන්ද )

      Delete
    3. මෙන්න මෙයා ඇවිත්...:)

      කොල්ලෝ ටික බලාගෙන හිටියේ ඔයා එනකල් අමා...ඒ හැමෝම වෙනුවෙන් මම ඔයාව ආදරෙන් පිලිගන්නවා...:D

      Delete
  14. කතා රසය ගැන කිසිම අවිවාදයක් නැහැ , ඒත් මගෙන් 4 වන විකල්පයක් ඉදිරිපත් වෙනවා.

    4. සතියකට කොටස් තුනක් පළකරන අතර කොටස් දැනට වඩා දිග වැඩිකිරීම .

    එහෙම උනොත් කතාවේ රසවත්බව මීට වඩා වැඩිවේවි .....

    ReplyDelete
    Replies
    1. Huh! Others take u too..

      ඉස්කෝලෙ යන කාලෙ බහුවරණ ප්‍රශ්න පත්තරේ අතට ලැබුනම ඒකෙ තියෙන උත්තරවලින් එකකට ඉරි ගහනවද, නැත්තං ඊට අමතරව ඔයාගෙ උත්තරත් ඒකෙ ලියනවද? :-)

      Delete
    2. අපිට ඕනේ ඕනේ විකල්ප එහෙම යෝජනා කරන්න පුළුවන්ද...? එහෙනං මේක මගෙන්

      @Sonya

      5. You text me and I text you...

      Delete
    3. ඔයාගේ මොබයිල් නොම්මරය අප වෙත එවන්ට. අවශ්ය තැනැත්තා හෝ තැනැත්තිය වෙත වහාම යොමු කරන්නම්.

      @සෝන්යා( රහසින් )

      මෙන්න ඔයාට කොල්ලෙක් text කරන්ට හදනවා....:D

      Delete
    4. @ Beetle ,

      ඔයාගේ විකල්පෙත් නරක නැහැ :D

      Delete
    5. මම කැමතියි මේ වෙලාවේ ලංකාබෙල් දුරකථනයෙන් "කෝල් අ ෆ්‍රෙන්ඩ්" උපකාරක අවස්ථාව ලබාගන්න... :D අපි බලමු යාලුවට පුලුවන් වෙයිද කියලා උදව් කරන්න :D

      Delete
    6. එහෙනම් ලංකා බෙල් හරි ඔනේ බෙල් එකකින් යාලුවට කතා කරල උපකාරක අවස්ථාව ලබා ගන්නකො බලන්න :D

      Delete
    7. යාලුවා නම් බලාගන ඉන්නවලු. දැන් ඔය 'උපකාරක අවස්ථාව' කොහොමද ලබා ගන්නේ?

      එයා අපේ ගෙදර ඇවිත් 'බෙල්' ගහනවලුද? :D

      Delete
  15. ඒවා හරියන්නෙ නැහැ , උත්තර ලියන අයට ගැලපෙන විදිහට ඕනෙ ප්‍රශ්න පත්තරේ හදන්න ;)

    ReplyDelete
    Replies
    1. දැන් ඔයා මෙයාට තුන, තුන දානවා කීවා නේ? :D

      Delete
  16. Replies
    1. මේක මේ අනුරාධපුර යුගයේ කතාවක් නෙවෙයි නේ?

      මෙහෙමත් මිනිස්සුන්ට පදහදනවද ඈ....:)


      Delete
    2. it is a joke , පදයක් හැදුවා කියලා හිතුනනම් සමාවෙන්න ...

      Delete
    3. අයියෝ ඔයාට විහිලුවක්වත් තේරෙන්නෙ නැහැනේ ඉවාන් ...... :P

      Delete
    4. You don't have to delete the comment or apologize Ivan. That's okay. We know it's a joke.. :-)

      Delete
    5. අනේ... අනේ... මම ජෝක් එක දැක්කේ නෑ අපරාදේ ඉවාන්...:(

      Delete
  17. ටීවී එකේ යන කතාවේන් පින්තුරයක් දෙකක් අරන් දැම්මොත් කතාවට තව තාත්වික බවක් ඒවි නේද.. අදහසක් පමණී..

    ReplyDelete
  18. වෙන වැඩ නැත්තං කන්න කාලෙ ඉතුරුනං කමක් නැහැ.

    පෞද්ගලික අදහස: මේක බහුබූතයක්. දාවිත් තඹකුඹුරට එහා යන සලකුණු තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඒක ඔබේ අදහස , අවුලක් නැ. එකම අවුල ඔබගේ වටිනා කාලය, වටිනා වෙනත් වැඩකට යොදා නොගෙන මෙහෙම ලියන්න කාලය නාස්ති කරන එකයි. මොකද ඒකෙන් වෙන්නෙ , අමාරුවෙන් හරි ලියන ලියන්න හදන අයට , ලියන්න එපා වෙන එකයි.එයාල ලිව්වොත් තමා අපිට කියවන්න ඇහැකි..

      මේ වගේ බහුබූත කියවන්නත්, නරඹන්නත්, කන්න කාලෙ ඉතුරු බොහෝ දැනෙක් මේ ලෝකෙ ඉන්නවා (මාත් ඇතුලුව).. අපි කන්නෙ අපේ කාලෙ නිසා අවුලක් නෑ නේද?

      Delete
    2. ඇනෝ මේ වගේ බ්ලොග් ලියන්නත්, කියවන්නත් කාලේ කන්න අවශ්‍යය නෑ. කලමනාකරණය කරගත්තානම් ඇති.

      ඔබත් ඒක පොඩ්ඩ්ක් ප්‍රගුන කරගත්තානම් කවදාවත් ඔබට ඔය කමෙන්ට් එක කොටන්න ගිය කාලය වගේ, නිශ්ඵල දේට කාලය නාස්ති වෙන්නේ නෑ.

      Delete
    3. ලෝකය , විවිධයි, විෂමයි, බෝලාකාරයි නෙව? කාලය කලමනාකරණය කරගෙන ඵල ඇතිදේ පිලිවෙලට කිරීම ප්‍රගුණ කිරීම ඔබේ කැමැත්ත. හිතූමතේ බඹර තියරියෙන් ජීවත්වීම මගේ කැමැත්ත.

      බඹරගෙ තියරිය:

      එයරොඩයිනමිත් තියරි, අත්ත‍ටු වල පරාසය, අරව මෙව්වා දාලා ගණනය කලාම බඹරට ඉගිලෙන්න බෑලු. ඒත් ඌ යස අගේට ඉගිල්ලෙනවා., ඒ ඌ එයරොඩයිනමිත් තියරි පයිසෙකට ගනන් නොගන්න නිසා

      මගේ ඵලනැති කමෙන්ට් කෙටිල්ලට මූලයක් සැපයීම ගැනත්, දැක්වූ සංයමයත් ගැන ස්තූතියි.

      Delete
  19. "පොඩ්ඩි මෙනෙවිය" හා බුරා මහතා වෙත ,

    මේ කොමෙන්ට් කෑලි වලට පිළිතුරු ලිය ලිය ඉන්න වෙලාව
    තව ඡේදයක් පරිවර්ථනය කරන්න යෙදෙවුවා නම් අංක හතර ඔප්සන් එක උනත් මහ කජ්ජක් වෙන එකක් නෑ

    අදහසක් පමනි

    ReplyDelete
    Replies
    1. ජයවේවා නිශ් !!!!!!

      Delete
    2. ආන්න එච්චරයි මටත් ඇහුනෙ :)

      Delete
  20. ආඥඥා කොන්ඩඤඤ

    ReplyDelete
  21. ඇත්තටම ලස්සනයි කථාව. අයියෝ..කුතුහලයක් දැනෙන තැන නැවත්තුවා නෙ පොඩ්ඩි..හැකි ඉක්මනින් දාන්න ඊලඟ එක හොඳේ.. :)

    ReplyDelete
    Replies
    1. හැකි ඉක්මනින් දාගෙන යනවා...:)

      Delete
  22. ඉතා සාර්ථක චිත්තරූප මැවීමක් සහිතව, හොඳ වේගයකින් කතාව ගලා යනවා. පරිවර්තන කියවන්න මම කවදත් ආසයි.

    ReplyDelete
    Replies
    1. විචාරක හැම පෝස්ට් එකටම කමෙන්ට් කරලා. thanks. :)

      Delete
  23. මටත් ආස හිතුනා අර කියපු විදිහට හීතලෙන් මැරිලා බලන්න...

    "අයන්වුඩ්" කිව්වෙ "යකඩමරන්" ගස් වලටද ?

    බොලාල දෙන්නා මගේ ඇස් දෙක පොට්ට කරලා තමා මේ සෙල්ලම නවත්තන්නෙ.. ඕන් කිව්වා..

    ReplyDelete
    Replies
    1. සෙන්න, ලන්කාවෙ අයන් වුඩ් කියන්නෙ නා වලට.
      පිටරට වෙන එකක්

      Delete
  24. මට මේ කතාව හැමදාම මග හැරෙනවා... මොකක්හරි වෙලා මැසේජ් එක බලලා පස්සෙ කියවනවා කියල හිතාතගත්තට අමතක වෙනවා.
    අද නිවාඩු දවස නිසා ඔක්කොම ටික එක පිළිවෙළට කියවන්න පුලුවන්

    මේක නිකං හතරබීරි කතාවක් වගේනේ

    උත්ප්‍රාසයෙන් කියවගෙන ඇවිල් අන්තිමට මළකඳන් ගිහින් කියන කොට නිකං හොල්මන්...

    ReplyDelete
  25. "ප්‍රාකාරෙ කොහොමද තිබ්බෙ ?"
    "අඬනවා "

    මේක නම් පට්ට යෙදුමක්..
    ඒක නෙමේ මට අර වයසක ගැරඩ් ගැන කියද්දි ඇයි අප්පා බුරාවම මතක් වෙන්නෙ :p

    ReplyDelete